මට මේ වෙලාවේ ගැබ්ගැනීමට අවශ්‍ය නැහැ
නව යෙවුන් වියේදී ලිංගික ඇසුර ඉතා නැවුම්, තෘප්තිමත් අත්දැකීමක්. නමුත් ලිංගික ඇසුර නිසා ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබද හොදින් දැනුවත් වී ලිංගික ඇසුර ආරක්ෂිතව සිදු කළ යුතු වෙනවා.
ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට ඇති හොදම ක්‍රමය වන්නේ ලිංගික හැසිරීමෙන් වැළකී සිටීමයි. නමුත් බෙහෝ දෙනෙක්ට එය යථාර්ථයක් නොවේ. ඒ නිසා ලිංගිකව ක්‍රියාකාරී පුද්ගලයන්ට ගැබ්ගැනීමක් වළක්වා ගැනීම සදහා විවිධ ඖෂධ වර්ග වගේම උපකරණත් තිබෙනවා.
තමන්ට ගැලපෙන ගැබ් ගැනීම වළක්වන ක්‍රමයක් තෝරා ගැනීමට ප්‍රජනන සෞඛ්‍යය සායනයකින් පුළුවන්.
ගැබ් ගැනීමකින් සහ ලිංගික සම්ප්‍රේෂණය වන ආසාදන යන දෙකෙන්ම ආරක්ෂා වීමට නම් කොන්ඩම් භාවිත කළ යුතුයි. වෙළදපොලේ විවිධ මිලගණන් වලට රස ගැන්වූ කොන්ඩම්, තිත් සහිත, දාර සහිත කොන්ඩම්ද තිබෙනවා. එක් කොන්ඩම් පැකට්ටුවක කොන්ඩම් තුනක් තිබෙන අතර, සෑම ලිංගික හැසිරීමකදීම අළුත් කොන්ඩමයක් නිවැරදිව පැළදිය යුතු වනවා.
කොන්ඩම් පැළදිය යුතු ආකාරය (රූපය)
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් මට අවශ්‍ය නැහැ.
නව යොවුන් වියේ ලිංගික අත්දැකීම් ඉතාම සුන්දර වුවත්, එය ආරක්ෂිතව සිදු කලේ නැතිනම් ගැබ් ගැනීමක් වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක්ද බෝ වෙන්න පුළුවන්.
ඔබ ලිංගිකව හැරසිරෙන කෙනෙක් නම්, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් බෝ වෙන එක වළක්වා ගන්න හොදම ක්‍රමය වන්නේ ලිංගිකව හැසිරෙන සෑම විටම නිවැරදිව කොන්ඩමයක් භාවිත කිරීමයි. ආරක්ෂාව විතරක් නෙමෙයි, කොන්ඩම් වලින් හොද ලිංගික තෘප්තියක් ලබන්නත් පුළූවන්.