ලිංගික ඇසුරේ වාසි අවාසි ගැන දැන ගනිමු

නව යෙවුන් වියේදී  ලිංගික ඇසුර ඉතා නැවුම්, තෘප්තිමත් අත්දැකීමක්. නමුත් ලිංගික ඇසුර නිසා ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබද හොදින් දැනුවත් වී ලිංගික ඇසුර ආරක්ෂිතව සිදු කළ යුතු වෙනවා.

පුද්ගලයන් ලිංගික ඇසුරේ යෙදෙන්නේ ඇයි? 

ලිංගික ඇසුරේ ප්‍රධාන අරමුණු දෙකක් තිබෙනවා. 

ඉන් පළමුවැන්න වන්නේ ලිංගික තෘප්තියක් එනම්, සතුටක් ලබා ගැනීමයි. ලිංගික ඇසුරකදී තෘප්තියක් අපට දැනෙන්නේ අපගේ මොළයේ සතුටු රසායන හෙවත් එන්ඩෝෆින් නිකුත් වන නිසයි. 

ලිංගික ඇසුරේ අනෙක් අරමුණ වන්නේ ප්‍රජනනය හෙවත් වර්ගයා බෝ කිරීමයි. 

තරුණ වසයේදී ගැබ් ගැනීමෙන් ගැහැණු දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනයට, රැකියාවට මෙන්ම සමාජ තත්ත්වයටද බලපෑම් එල්ල වනවා. දරුවෙකු ලැබීම ඉතාම වගකීම් සහගත සංකීර්ණ ක්‍රියාවලියක්. ශරීරය ප්‍රජනනය සදහා සූදානම් වීමට අවුරුදු 20ක් වත් සැපිරිය යුතුයි. එමෙන්ම ගැබ් ගැනීමක් පිළිබද තීරණය සහකරු සහ සහකාරිය එකට සාකච්ඡා කර ගත යුතු වන අතර දරුවෙක් රැක බලා ගැනීම සදහා සමාජ ආර්ථික තත්ත්වයක්ද තිබිය යුතු වනවා. 

ලිංගික තෘප්තියට සහ ප්‍රජනනයට අදාල අවයව මොනවාද? 

ලිංගික තෘප්තියට සහ ප්‍රජනනයට ආදාල වල ප්‍රධානම අවයවය වන්නේ අපගේ මොළයයි. මොළය මගින්ම මනෝභාවයන් ක්‍රියාත්මක කරන අතර, හැඟීම් සහ ලිංගික සහ ප්‍රජනන කාර්යයන්වලට බලපාන හෝමෝන වර්ග නිකුත් වීමට සළස්වනවා. 

මොළය මගින් අපේ සිරුරේ විශාලතම මෙන්ම වඩාත්ම ප්‍රබල ලිංගික අවයවය මොළය බව සමහරුන්ගේ අදහසයි. 

ලිංගික ආශාව දැනෙන්නේ මොළයටයි. එවැනි ආශාවක් දැනුනු විට මොළය මගින් හදවතට පණිවිඩයක් යවනවා. හදවත ඒ පණිවිඩය පදනම් කර ගෙන ශිෂ්ණයට වේගයෙන් රුධිරය පෙම්ප කරනවා. ලිංගික ආශාවක් ඇති වූ විට පිරිමි ළමුන්ගේ ශිෂ්ණය ඍජු වන්නේ මෙසේ එයට රුධිරය පිරීම නිසයි.

ලිංගික ආශාවක් ඇති වූ විට ගැහැණු ළමුන්ගේ යෝනි තොල් වලටත් මේ විදියටම රුධිරය ලගා එනවා. පිටතට පෙණුනේ නැති වුණත් ලිංගික ආශාවක් දැනුණු විට යෝනි තොල් ඉදිමුණ ස්වභාවයක් ගන්නේ මේ නිසයි. 

ලිංගික ආශාවක් ලිංගික ක්‍රියාවක් දක්වා ගියොත් ළමයෙකුගේ ශිෂ්ණයෙන් ශුක්‍ර තරලය පිටවීමට ඉඩ තිබෙනවා. එය ශුක්‍රාණු දහස් ගණනක් ඇති සුදු හෝ ලා කහ පැහැති තරලයක්. මේ තරලය යෝනි මාර්ගයට ඇතුළු වුණොත් මගින් ගැබ් ගැනීමක් ඇති වීමට පුළුවන්. 

ලිංගික ආශාවක් ලිංගික ඇසුරක් දක්වා දුර ගියොත් ගැහැණු ළමුන් සුරාන්තය නම් වූ ලිංගික තෘප්තිමත් අවස්ථාවට පත් වීමට ඉඩ තිබෙනවා. එහිදී ඇතැම් අයට යෝනි ශ්‍රාවය එළියට විදීමක් හෝ වැඩිපුර යෝනි ශ්‍රාවය පිට වීමක් සිදු විය හැකියි. 

ලිංගික ඇසුර කියන්නේ ශිෂ්ණය සහ යෝනි මාර්ගය පමණක් යොදා ගෙන සිදු කරන ක්‍රියාවක් නොවෙයි. සිප ගැනීම, වැළද ගැනීම, තුරුළු වී සිටීම වගේ ඇතුළු කිරීමක් නොකරන ලිංගික ඇසුරක් ද පැවැත්වීමට පුළුවන්. 

ලිංගික ඇසුර මෙසේ කළ යුතුයි කියා නිශ්චිත නියමක් නැහැ. තමන් කැමති අකමැති දේ තීරණය කරන්නේ තමා මිස වෙනත් අය නොවේ. 

නව යෞවන යෞවනියන් වැඩිහිටි (නිල්) චිත්‍රපට වල ඇති ලිංගික දර්ශන අනුකරණය කිරීමට පෙළඹිය හැකියි. මතක තබා ගන්න, එවැනි දර්ශන වල සිටින්නේ ලිංගික ඇසුරට හොදින් පුහුණු වූ නළු නිළියන්. මේ චිත්‍රපට කිහිපවරක් රූප ගත කර, සංස්කරණය කර සදා ඇති නිසා සැබෑ ලිංගික ඇසුර ගැන නිල් චිත්‍රපට වලින් ඉගෙන ගැනීමට බැහැ. 

නව යොවුන් වියේ සිටින ඔබ ලිංගික ඇසුර සහ තෘප්තිය පිළිබද දැන ගන්නවා වගේම ඉන් ඇති විය හැකි ප්‍රතිවිපාක මග හරවාගන්නා අයුරුද දැන ගැනීම වැදගත්.

නව යොවුන් වියේ ලිංගික ක්‍රියාකාරකම් මගින් ඇති විය හැකි කිහිපයක් නම් පහතින් දැක්වෙනවා. 

  1. HIV  සහ අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැලදීමේ අවදානම.
  2. අනවශ්‍ය ගැබ් ගැනීම්.
  3. තමා වරදක් කළා යැයි හැගීම නිසා ඇතිවන මාසික පීඩනය.
  4. ලිංගික දර්ශන රූගත කිරීමට සහ ඒවා යොදා ගෙන තර්ජනය කිරීමට අනෙක් අයට අවස්ථාව ලැබීම. 

මේවා 

තරුණ තරුණියන් සඳහා වඩා සුදුසු ලිංගික ක්‍රියාවලින් වැළකී සිටීම බව පවසමින් විවාහ වන තුරු ලිංගික සබඳතාවලින් වැළකී සිටින ලෙස අප නිර්දේශ කළත්, තරුණ තරුණියන් ලිංගික සබඳතාවක් පැවැත්වීමට තීරණය කිරීම සඳහා බලපාන හේතු රැසක් ඇති බව හඳුනාගත යුතුය:

  • සම වයස් කාණ්ඩවල බලපෑම
  • මද්‍යසාර සහ මත් ද්‍රව්‍ය පිළිබද ඇති වැරදි මත
  • ආදර සබඳතා – සහකරුගේ බලපෑම/ සහකරුවන් අතර ඇතිවන එකඟතා
  • මාධ්‍ය (රූපවාහිනිය, චිත්‍රපට, සංගීතය, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය, ආදිය)
  • අසභ්‍ය ප්‍රකාශන
  • ඇඳුම් පැළඳුම්/ පෙනුම
  • හෝර්මෝන/ ආකර්ෂණය
  • කුතුහලය සහ නව අත්දැකීම් ලැබීමට ඇති කැමැත්ත
  • ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලබා ඇති අත්දැකීම්
  • සහනයක්

ලිංගික සම්බන්ධතා පිළිබඳ තීරණ ගත යුත්තේ සහකරු සහ සහකාරිය දෙදෙනා එක්වයි. දෙදෙනාගේම  අවශ්‍යතා සහ බලාපොරොත්තු  මෙම තීරණවලින් පිළබිඹු විය යුතුය. ලිංගිකව ක්‍රියාකාරී වීමට ඔබේ සහකරු/ සහකාරිය අකැමති නම් එම තීරණය ගරු කිරීම වැදගත් වේ. එසේම, ලිංගිකව ක්‍රියාකාරී වීමට අප අකැමති නම් අපේ එම තීරණයට අනෙක් අය ගරු කළ යුතු බව වටහා ගැනීම ඉතා වැදගත් ය. ලිංගික ක්‍රියාකාරී වීමට සහකරු සහ සහකාරිය යන දෙදෙනාම කැමති නම් එම තීරණය හා බැඳුණු වගකීම් රැසක් තිබෙනවා. එසේම එහි ප්‍රතිවිපාක ද ඇති බව මතක තබා ගත යුතුයි. ලිංගික ක්‍රියාකාරකම් හැකිතාක් ආරක්ෂිතව සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණක්.

කිසියම් කෙනෙකු මත් වී ඇති අවස්ථාවක ලිංගික කාර්යයේ යෙදීම සඳහා කැමැත්ත දී හෝ ලබාගැනීම කළ  නොහැකි බව මතක තබා ගන්න. එසේම, කැමැත්ත ඔබට වාසි අයුරින් අර්ථ කථනය කිරීමට උත්සාහ නොකරන්න. නිදසුනක් ලෙස, කෙනෙකු අඳින පළඳින ආකාරය එම පුද්ගලයාට ලිංගික සබඳතාවක් පැවැත්වීමට අවශ්‍ය බවට දෙන සංඥාවක් නොවේ. අවසන් වශයෙන්, “කැමතියි” හෝ “හා” යනුවෙන් වචනයෙන් කැමැත්ත පළ නොකරන්නේ නම් ඉන් අදහස් වන්නේ “බැහැ” හෝ “කැමති නැහැ”යන්නයි. ‘කැමැත්ත’ ගැන වැඩි දුර කියවීමට මේ කොටසට යන්න. 

ඔබ දන්නවාද? ශ්‍රී ලංකාවේ ලිංගික ඇසුරකට කැමැත්ත පළ කළ හැකි වන්නේ වයස අවුරුදු 16 සම්පූර්ණ කළ පසු බව. අවුරුදු 16ට අඩු කෙනෙකු සමග ලිංගිකව හැසිරීම ව්‍යාවස්ථාපිත ලිංගික බලහත්කාරකමක් ලෙස හැදින්වෙනවා. අවුරුදු 16ට අඩු කෙනෙකු සමග ලිංගිකව හැසිරෙන අනිත් පුද්ගලයා නීතිය ඉදිරියෙහි වරදකරුවකු විය හැකි බව මතක තබාගන්න

 

Are these two different groups. Should be පිරිමි අයගේ

 

??????? Same as previous comment

 

ලිංගික තෘප්තිය සඳහා අවයව නම් කල නොහැක,. ඉතා සංවේදී අවයව ඇති අතර සම්පුර්ණ ශරීරයම තෘප්තිය ගෙනදෙයි. එය පුද්ගලයාගේ රුචිකත්වය අනුව කැමති ස්ථානය වෙනස් වේ.

 

????? අහිතකර ප්‍රතිපල හෝ අවධානම්

 

????// see the previous comment

 

මානසික සහනයක්

අනවශ්‍ය ගැබ් ගැනීමක් ඇති වන්නේ අනාරක්ෂිත ලිංගික ඇසුරක් මගින්. 

ගැබ් ගැනීමක් වලක්වා ගැනීම ප්‍රතිසංධිරෝධනය යනුවෙන් හැදින්වෙනවා. ඒ සදහා විවිධ ක්‍රම තිබෙනවා. ඔබ ලිංගිකව හැසිරෙන කෙනෙක් වුවත් නැති කෙනෙක් වුවත් ප්‍රතිසංධිරෝධනය ගැන දැන සිටීම වැදගත්.

නව යොවුන් වියේ ගැබ් ගැනීමක්. වළක්වා ගැනීමට හොදම ක්‍රමය වන්නේ ලිංගික හැසිරීම් වලින් වැළකී සිටීමයි.  

 

ශ්‍රී ලංකාවේදී ලබා ගත හැකි නවීන උපත් පාලන ක්‍රම කිහිපයක් ගැන තොරතුරු පහතින් දැක්වෙනවා.

  1. කොන්ඩමය (රබර් කොපුව)

ප්‍රාණවත් වූ ශිෂ්නය ආවරණය කිරීම සඳහා භාවිතා කරන රබර් කොපුව කොන්ඩය යනුවෙන් හැදින්වනවා.

ලිංගික සංසර්ගයේ යෙදෙන සෑම විටම අළුත් කොන්ඩමයක් භාවිතා කළ යුතුයි.

කොන්ඩමය ආවරණයක් ලෙස ක්‍රියාකරන බැවින් යෝනි මාර්ගය තුළ ශුක්‍රාණු තැන්පත් වීම වළක්වනවා.

කොන්ඩමය අනවශ්‍ය ගැබ් ගැනීම්වලට ආරක්ෂාවක් මෙන්ම ලිංගිකව සම්ප්‍රේණය වන ආසාදන වලින්ද ආරක්ෂාවක් ලබා දෙනවා. (Dual Protection) 

ගැබ් ගැනීමකින් සහ ලිංගික සම්ප්‍රේෂණය වන ආසාදන යන දෙකෙන්ම ආරක්ෂා වීමට නම් කොන්ඩම් භාවිත කළ යුතුයි. එක් කොන්ඩම් පැකට්ටුවක කොන්ඩම් තුනක් තිබෙන අතර, සෑම ලිංගික හැසිරීමකදීම අළුත් කොන්ඩමයක් නිවැරදිව පැළදිය යුතු වනවා.

කොන්ඩමයක් නිවැරදිව පළදින ආකාරය කොන්ඩම් පැකට්ටුවේ දක්වා තිබෙනවා. 

2. ප්‍රතිසංරෝධක ගිලින පෙති

ගිලින පෙති යනු ගැබ් ගැනීම වළක්වන හෝමෝන අඩංගු උපත් පාලන ක්රමයක්. සෑම විටම නියමිත වේලාවට පෙත්ත ලබා ගන්නේ නම් මෙය ආරක්ෂිත, දැරිය හැකි මිළක් සහිත සහ ඵලදායී ක්රමයක්.

ගිලින පෙති එක් පැකැට්ටුවක පෙති 28 ක් ඇත. මුල් පෙති 21 (ලා පැහැති පෙති), හෝමෝන (ඊස්ට්රජන් හා ප්රොජෙස්ටින්) අඩංගු වේ. ඉතිරි පෙති 07 (දුඹුරු පැහැති පෙති) යකඩ අඩංගු වේ. 

ගිලින පෙති දිනපතා නිසියාකාරව ගැනීමෙන් ඩිම්බ වර්ධනය හා මෝචනය වීම වළක්වන අතර ගැබ්ගෙල ශ්රාවයන්හි ඝනකම වැඩි කර ශුක්රාණු ගර්භාෂය දෙසට ගමන් කිරීම අවහිර කරනවා.

 

3. නික්ෂේපණය (DMPA) එන්නත්

ඩිම්බ වර්ධනය හා මෝචනය වීම වළක්වන අතර ගැබ්ගෙල ශ්‍රාවයන්හි ඝනකම වැඩිකර ශුක්‍රාණු ගර්භාෂය දෙසට ගමන් කිරීම අවහිර කරනවා.

සාමාන්‍ය කාන්තාවකට මෙම එන්නත ලබා ගැනීමට වඩාත්ම උචිත වන්නේ ඔසප් වීම පටන් ගෙන මුල් දින 7 තුළ දී යි. ප්‍රසූතියෙන් සති 6 කට පසු ද එන්නත ලබා ගන්න පුළුවන් .

දින 90 කට වරක් මෙම එන්නත ලබා ගත යුතු වනවා.

 

4. හෝමෝන කරල් තැන්පතුව

හෝමෝන කරල් තැන්පතු යනු දීර්ඝ කාලීනව ක්‍රියා කරන ප්‍රොජෙස්ටින් හෝමෝනය අඩංගු සිහින් කරල්ය.

මෙමගින් ඩිම්බ වර්ධනය හා මෝචනය වළක්වන අතර, ගැබ්ගෙල ස්රාවයන්හි ඝනකම වැඩි කර ශුක්රාණු ගර්භාෂය තුළට යාම අවහිර කරනවා.

දැනට ලංකාවේ භාවිතා කරන කරල් තැන්පතු මගින් අවුරුදු 3ක් හෝ  5ක් දක්වා ගැබ්ගැනීම් වළක්වා ගැනීමට පුළුවන්.

මෙය පුහුණුව ලත් වෛද්යවරයෙකු විසින් කාන්තාවකගේ උඩු බාහුවේ ඇතුල් පැත්තෙහි කුඩා කැපුමක් තුළින් සමට යටින් තැන්පත් කරනවා.

කාල සීමාව අවසානයේ කරල් ඉවත් කරගත යුතුය. අවශ්ය නම් නැවත කරල් තැන්පත් කරගත හැකියි. හෝමෝන කරල් තැන්පතු දීර්ඝ කාලීනව ගැටළුවකින් තොරව නැවත නැවත තැන්පත් කර ගත හැකියි.

5. අන්තර් ගර්භාෂ තැන්පතුව (IUD) / කොපර් T තැන්පතුව

මෙය තඹ හා ප්ලාස්ටික් අඩංගු, ශරීරයට හානියක් නොවන නැමෙන සුළු කුඩා තැන්පතුවක්.

මෙමගින් අවුරුදු 10 ක් දක්වා අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගත හැකියි.

ඒ අතර දරුවෙක් අවශ්‍ය වුවහොත් එය පහසුවෙන් ඉවත් කරවා ගෙන ඕනෑම අවස්ථාවක සරුභාවයට පත් විය හැකියි. අවුරුදු 10අවසානයේ IUD තැන්පතුව ඉවත් කළ යුතු අතර තවදුරටත් ගැබ් ගැනීමෙන් වැළකීමට අවශ්‍ය නම් අළුත් තැන්පතුවක් එදිනම නැවත තැන්පත් කරවා ගත යුතු වනවා.

IUD තැන්පතුව මඟින් ප්‍රධාන වශයෙන් ඩිම්බය සංසේචනය වීම වළක්වන අතර කලාතුරකින් හෝ සංසේචනයක් සිදුවුවහොත් සංසේවනය වූ ඩිම්බය රෝපණය වීම වළක්වනවා.

පවුල් සැලසුම් සායනයක දී පුහුණුව ලද වෛද්‍යවරයකු හෝ හෙද සොහොයුරියක් විසින් මෙය ගර්භාෂ තුළ තැම්පත් කරනවා.

මෙම ක්‍රමය දිගුකාලීනව පාවිච්චි කළ හැකි ප්‍රතිසංධිරෝධකයක් වන අතරම, අවශ්‍ය අයෙකුට කෙටිකාලීන ක්‍රමයක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හදිසි ගැබ්ගැනීමක් වළක්වාගැනීමටත් කොපර් T  භාවිත කරනවා.

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් වළක්වාගන්න මට පුළුවන්ද? 

නව යොවුන් වියේ ලිංගික අත්දැකීම් ඉතාම සුන්දර වුවත්, එය ආරක්ෂිතව සිදු කලේ නැතිනම් ගැබ් ගැනීමක් වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක්ද බෝ වෙන්න පුළුවන්.

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් බෝ වෙන එක වළක්වා ගන්න හොදම ක්‍රමය වන්නේ ලිංගිකව හැසිරෙන සෑම විටම නිවැරදිව කොන්ඩමයක් භාවිතා කිරීමයි. 

ලිංගික සම්ප්‍රේෂණය වන ආසාදන සහ ඒවාගේ රෝග ලක්ෂණ ගැන ලිංගික සෞඛ්‍යය ගැන දැන ගනිමු පිටුවේ ඇතුළත් වෙනවා.