කැමැත්තට ගරු කරමු

ඒ කියන්නේ මුලින්ම අනිත් කෙනාගෙන් අහන්න ඕනේ. අතගෑමට, සිප ගැනීමට, වැළදගැනීමට පෙර එයට කැමති දැයි විමසුවේ නැත්තම් ඒ ක්‍රියාව ආරම්භ කිරීමට ඔබට අයිතියක් නැහැ. ඒ වගේම, කැමැතිදැයි ඇසූ විට එයට කැමති නැති බව පැවසුවොත් ඔබට අකමැත්ත පිළිගැනීමට සිදු වෙනවා. 

ඔබේ ශරීරය අයිති ඔබටමයි. ඒ කියන්නේ ඔබේ කැමැත්තක් නැතිව ඔබේ ශරීරය අතපත ගෑමට කිසිවෙකුටත් අයිතියක් නැහැ. 

කැමැත්ත කියන්නේ කවුරුන් හෝ ඔබ සමග ලිංගිකමය ක්‍රියාවක් සිදු කිරීමට එකග වීමයි. එම ක්‍රියාව සිප ගැනීමක්, අතපත ගෑමක්, වැළඳ ගැනීමක් වැනි ක්‍රියවක් වෙන්න පුළුවන්. මේ දේවල් කරන්න කලින් දෙදෙනාම එයට එකග විය යුතුයි. තමන් කරන්නේ කුමක්දැයි දෙදෙනාටම හොදින් පැහැදිළි වෙන්න ඕනේ. 

ඒ කියන්නේ මුලින්ම අනිත් කෙනාගෙන් අහන්න ඕනේ. අතගෑමට, සිප ගැනීමට, වැළදගැනීමට පෙර එයට කැමති දැයි විමසුවේ නැත්තම් ඒ ක්‍රියාව ආරම්භ කිරීමට ඔබට අයිතියක් නැහැ. ඒ වගේම, කැමැතිදැයි ඇසූ විට එයට කැමති නැති බව පැවසුවොත් ඔබට අකමැත්ත පිළිගැනීමට සිදු වෙනවා. 

ඔබේ ශරීරය අයිති ඔබටමයි. ඒ කියන්නේ ඔබේ කැමැත්තක් නැතිව ඔබේ ශරීරය අතපත ගෑමට කිසිවෙකුටත් අයිතියක් නැහැ. 

කැමැත්ත වැදගත් වන්නේ ඇයි? 

ඔබේ කැමැත්තකින් තොරව කවුරුන්ගේ ඔබේ ශරීරය අතපත ගානවානම්, ඔබේ ශරීරයේ නිරුවත් ඡායාරූප ගැනීමට බල කරනවානම්, ඔබට ආදර සම්බන්ධතාවයක් ආරම්භ කිරීමට බල කරනවානම්, එය ඔබේ කැමැත්ත නොසලකා හැරීමක්. මුලදී එය කමක් නැතැයි ඔබ සිතුවත්, දිගුකාලීනව කැමැත්ත කඩ කිරීම ඉතාමත් බරපතල හිංසනයන්ට මග පාදන්න පුළුවන්.

වලංගු කැමැත්ත කියන්නේ මොකද්ද?

කැමැත්තට අදාල වල ප්‍රධාන මූලධර්ම 4ක් පහතින් දැක්වෙනවා. ඉන් එකක් හෝ කඩ වී ඇත් නම්, එය අතරවයක් හෝ බලහත්කාරකමක් විය හැකියි.

  1. ‘කැමැත්ත’, පැහැදිලිව සහ සක්‍රියව ලබා දිය යුතුයි. (CLEAR)

එය අනෝන්‍ය වශයෙන් තේරුම් ගත හැකි, අවසරයක් ලබාදෙන වචන හෝ ක්‍රියාවන් හරහා ප්‍රකාශ විය යුතුයි. උදාහරණ – මම කැමතියි/ හා/ ඔව්

‘කැමැත්ත’ කිසිවිටෙකත් ඇගවීමකින් සිදු වන්නේ නැහැ. නිහඩව සිටීම කිසිම අවස්ථාවක කැමැත්ත ප්‍රකාශ කිරීමක් නොවෙයි.

මට ෂුවර් නැහැ, මම දන්නෙ නැහැ, හෝ සමහරවිට ඒ හා සමාන ප්‍රකාශ කිරීම් ‘කැමැත්ත’ නොවේ.

  1. කැමැත්ත ලබා දෙන්නේ කුමකටද දැයි නිසි අවබෝධයක් තිබිය යුතුයි. (COHERANT)

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති අවස්ථාවක වැනි පුද්ගලයන්ගේ තීරණ ගැනීමේ හැකියාවට බලපෑමක් වී ඇති අවස්ථා වලදී කැමැත්ත පලකිරීමට පල කිරීමට බැහැ. කැමැති බව පැවසුවත් එය වලංගු කැමැත්තක් වන්නේ නැහැ.

තාර්කිකව, සාධාරණ තීරණ ගත නොහැකි අයෙකුට, කවුරුන්, කුමක්ද, කවදාද, කොහේද, ඇයි හෝ කේසේද යන්න තේරුම් ගැනීමට හැකියාවක් නොමැති නිසා ඔවුන්ගේ කැමැත්ත වලංගු වන්නේ නැහැ.

නිදා සිටින හෝ වෙනත් අවදානම් ස්ථානයක සිටින පුද්ගලයින්ටත් කැමැත්ත පළ කිරීමට හැකියාවක් නැහැ.

එවැනි අවස්ථාවකදී කැමැත්ත දුන්නා යැයි සලකා සිදු කරන ක්‍රියාවන් නීතිය ඉදිරියේ වරදක් වනවා.

  1. ස්ව කැමැත්තෙන් ‘කැමැත්ත’ ලබා දිය යුතුය. (WILLING)

කිසියම් හෝ පීඩනයක්, බලපෑමක් යටතේ ලබා ගන්න කැමැත්ත වලංගු වන්නේ නැහැ.

පෙළඹවීමක් මගින් කැමැත්ත ලබා ගත නොහැකියි. උදාරහණයක් ලෙස ‘ඔයා මට ආදරේ නම් රූම් එකකට යන්න එන්න”  – මෙය ඉතා සුලභ පෙළඹවීමක්. ආදරය හෝ විශ්වාසය ඔප්පු කිරීමට කොයිම වෙලාවකවත් ඔබට අවශ්‍ය නැති දෙයක් සදහා පෙළඹවීම වරදක්.

ශාරීරික ප්‍රචණ්ඩත්වය හෝ තර්ජනය මගින්  ලබා ගන්නා කැමැත්ත වලංගු කැමැත්තක් නොවේ. 

අසමතුළිත බල සම්බන්ධතාවක් තුළ බලය අඩු පුද්ගලයාට බල කිරීමෙන් කැමැත්ත ලබා ගැනීම වරදක්.

  1. අවස්ථාවේදී සෑම අවස්ථාවකදීම කැමැත්ත ලබ ගත යුතුය. (ONGOING)

ලිංගික සම්බධතාවයකදී එහි සෑම පියවරකදීම කැමැත්ත ලබා ගැනීම අවශ්‍ය වනවා. එක් දෙයකට ලබා දෙන කැමැත්ත වෙනත් ක්‍රියාවක් සදහා අදාලවන්නේ නැහැ. උදාහරණයක් ලෙස චිත්‍රපටයක් නැරඹීමට යාම සිප ගැනීම සදහා ලබා දෙන කැමැත්තක් වන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව අවුරුද 16ට අඩු ගැහැණු ළමයෙක් සමග ලිංගික ඇසුරක යෙදීම තහනම්. එය ව්‍යවස්ථාපිත ලිංගික බලහත්කාරකමක් ලෙස හැදින්වෙනවා. ගැහැණු ළමයාගේ කැමැත්ත තිබුණත්, ඇය අවුරුදු 16ට අඩු කෙනෙක් නම්, එය වලංග කැමැත්තක් වන්නේ නැහැ.

ආදර සම්බන්ධතාවක් පවත්වා හොර රහසේ පෙම්වතා සමග පැන ගිය අවස්ථාවලදී පෙම්වතාව පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නේ ඒ නිසයි. එවැන් අවස්ථා වලදී පෙම්වතාට ව්‍යවස්ථාපිත ලිංගික බලහත්කාරකම යටතේ නඩු පවරනවා. වරද ඔප්පු වූ අවස්ථාවලදී අවුරුදු 10ට නොඅඩු සිර දඩුවම් ලබා දීමට අධිකරණයට හැකියි.

කැමැත්ත කඩ වූ මට කළ හැක්කේ මොනවාද?

ඔබේ කැමැත්තෙන් තොරව ලිංගිකව හැසිරීමට බල කරනවා නම් ඒ සම්බනධතාවයෙන්  වහාම ඉවත් වන්න. අවශ්‍ය නම්  විශ්වසනීය වැඩිහිටියෙකු  සමග සාකච්ඡා කර අහිතකර සම්බන්ධතාවයෙන් මිදීමට සහය ලබා ගන්න.

ආදර සම්බන්ධතාවලදී, සහකරු හෝ සහකාරිය ලිංගික තෘප්තියක් ලැබෙන ආකාරයෙන් ඔබේ ශරීරය අල්ලනවානම්, එයට ඔබේ කැමැත්ත තිබීම අනිවාර්යයි. ඔබ අකමැති නම් ඔබේ ශරීරය ඇල්ලීමට කාටවත්ම අවසර නැහැ.

කැමැත්ත ලබා නොගෙන සිදු කරන අත පත ගෑම් ළමා අයෝජන ලෙස හැදින්වෙනවා. ඔබට එවැනි අපයෝජනයක් සිදු වනවා නම් ජාතික ළමා දුරකතන සේවාව  – 1929 අමතා සහය ලබා ගන්න.

ලිංගික ඇසුරක් සදහා මම සූදානම් යැයි තීරණය කරන්නේ කෙසේද? 

නම යොවුන් වියේදී ආදර සම්බන්ධා ආරම්භ වනවා වගේම ලිංගික ඇසුර ගැනත් කුතුහලයක් ඇති වනවා. මේ කාලයේදී ශරීරයේ ලිංගික තරල නිපදවීම ආරම්භ වන නිසා ලිංගික හැගීම් ඇති වීම ස්වභාවිකයි. නව යොවුන් වියේදී ලිංගික අත්දැකීම් ලැබීම ස්වභාවික වර්ධනයේම කොටසක්. මෙතෙක් කල් සාමාන්‍ය මිතුරෙකු හෝ මිතුරියක් ලෙස ආශ්‍රය කළ කෙනෙකු ගැන අමුතු හැගීමක්, විශේෂත්වයක් දැනෙන්නට පුළුවන්. ඔවුන් ඔබ දෙස බලන විට ලැජ්ජාවක් වගේම ආඩම්බරයක් දැනෙන්නට පුළුවන්. ඇඟ හිරිවැටී යනවා වැනි හැගීමක් මුළු ශරීරය පුරාම විහිදී යන්න පුළුවන්. මේ සියල්ල සිදු වන්නේ නව යොවුන් වියේදී ඇති වන හෝමෝන වර්ධනය හේතුවෙන්. ඔබට විශේෂත්වයක් දැනෙන කෙනා සමග අත් අල්ලාගෙන සිටීම, සිප ගැනීම, තුරුළු වී සිටීම වැනි දේ මේ කාලයේදී වෙන සාමාන්‍ය සිදුවීම්.

මේ සිතුවිළි සහ හැගීම් වලින් ඔබ ලිංගික ඇසුරකට සූදානම් බව හැගවෙන්නේ නැහැ. ඒ වගේම ලිංගික ඇසුර යනු සුළුවෙන් තැකිය යුතු දෙයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව ලිංගික ඇසුරක් සදහා කැමැත්ත පළ කළ හැක්කේ අවුරුදු 16 ඉක්මවූ පසුයි.

ලිංගික ඇසුරකට පෙර ගැබ් ගැනීමක් වළක්වා ගන්නා ක්‍රම, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලක්වා ගන්නා ක්‍රම වගේම ලිංගික ඇසුර සම්බන්ධයෙන් තියෙන සංස්කෘතිකමය වටිනාකම් සහ විශ්වාස ගැනත් අවබෝධයක් අවශ්‍ය වනවා.

ගැහැණු ළමයෙක් එක් වරක් ලිංගික ඇසුරක යෙදුණ පසු ජීවිත කාලය පුරාවටම එ් කෙනා සමග ගත කළ යුතු බවට වැරදි අදහසක් සමාජයේ පවතිනවා. ඒ කන්‍යාභාවය වැනි විද්‍යාත්මක පදනමක් නොමැති සංස්කෘතික වටිනාකම් නිසයි. කී වරක් ලිංගිකව හැසිරී තිබුණත් තමන්ට එම සම්බන්ධය කිරීමට අවශ්‍ය නම් ඒ සදහා සෑම කෙනෙක්මට අයිතියක් තිබෙනවා. ඒ වගේම, ලිංගික ඇසුරක් පැවැත්වූවා කියා කිසිම ගැහැණු දරුවෙකුගේ හෝ පිරිමි දරුවෙකුගේ වටිනාකම අඩු වන්නේ නැහැ.

ඔබේ වටිනාකම් තීරණය වන්නේ ඔබ ලබන අධ්‍යපනය සහ රටට ඵලදායී, ගෞරවනීය පුරවැසියෙකු වීම තුළයි.

ලිංගික ඇසුර සදහා ඔබ සූදානම් දැයි දන්නේ ඔබ පමණයි. ඔබේ සහ ඔබේ පවුලේ වටිනාකම් පදනම් කර ගෙන එය ඔබම තීරණය කරන්න. පෙම්වතා හෝ පෙම්වතිය ඉල්ලා සිටින නිසා ආදරය ඔප්පු කිරීමේ ක්‍රමයක් ලෙස ලිංගික ඇසුර සදහා එකග වන්න එපා.

කැමැත්ත ගැන දැනුම මනිමු

1. කැමැත්ත යනු යහපත් ලිංගික හා ප්‍රජනන පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය මූලධර්මයකි.

2. යම් ක්‍රියාවක් සදහා ලබා දුන් කැමැත්ත ඕනෑම අවස්ථාවකදී ඉවත් කර ගන්න පුළුවන්

3. නිදා සිටින පුද්ගලයෙකුට කැමැත්ත පළ කිරීමට පුළුවන්

4. වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වීම නීතියෙන් වරදකි.

5. බය කිරීමෙන් හෝ බලපෑම් කිරීමෙන් ලබා ගන්න කැමැත්ත වලංගු කැමැත්තකි.

Call Us - (+94) 768797530